Sunday, October 2, 2011

Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනුවට බුදුන්ගේ සාක්ෂිකරුවෝ / Buddha's Witnesses instead of Jehova's Witnesses

Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනුවට බුදුන්ගේ සාක්ෂිකරුවෝ / Buddha's Witnesses instead of Jehova's Witnesses:

ලිපියේ ලියා ඇති දේ පැහැදිලි නැද්ද නැතිනම් එය ඔබ නිවැරදිව වටහා ගෙන ඇද්දැයි අපැහැදිලි නිසා නැවත සාරාංශ කරමි.

1.පුනරුද යුගයේ ඇතිවූ ක්‍රිස්තියානි ප්‍රතිශෝධන ව්‍යාපාරය සංස්ථාවක් ලෙස එවකට තිබූ වැඩවසම් කතෝලික ආගම වෙනස් කලේය.එම වෙනස එවකට නැගෙනමින් තිබූ කාර්මික ධනවාදයට අනුකූලව ආගම ප්‍රති අර්ථකතතනය කිරීමක්.ලංකාවේ අනගාරික ධර්මපාල ඕල්කට් හරහා සිදුවන ක්‍රියාදාමය එක්තරා දුරකට මේ හා සමානය ( ගනනාථ ඔබේසේකර ප්‍රොතෙස්තන්ත්‍ර බුද්ධාගම යනුවෙන් හදුන්වන්නේ මෙම ඕලකට් ක්‍රියාදාමයයි)

2.ධනවාදයේ වර්තමාන යුගය මුල් කාර්මික යුගයෙන් බොහේ දුරට වෙනස් වූවක්.මේ යුගය තුල කැල්වින්ලා ගේ සම්භාව්‍ය ක්‍රිස්තියානියද පාරම්පරික ආයතනයකි.මේ යුගය තුල ක්‍රිස්තියානි කතිකාවත තුල "ප්‍රබෝධයක්" ඇති කරන්නට හේතු වී තිබෙන්නේ නව ක්‍රිස්තියානි නිකායන් වල ක්‍රියාකිරීත්වයයි.ඒවායේ ලක්ෂනය නම් පෙනුම අතින් වඩ වඩා නවීන වීමත් දර්ශනය අතින් වඩ වඩාත් මූලධර්මවාදී ලක්ෂන පෙන්නුම් කිරීමත්ය.යෝජනා කර තිබෙන්නේ අසපු බුද්ධාගම බටහිර නව ක්‍රිස්තියානි නිකාය වල බෞද්ධ අර්ධ සොහොයුරා බවයි.මහමෙව්නා ව්‍යාපාරය පෙනුම අතින් නවීන ලක්ෂන පෙන්නුම් කරන අතර හරය අතින් සාම්ප්‍රදායික බුද්ධාගමටත් වඩා "පිරිසිදු බුදුදහම" යනුවෙන් යමක් පාදා ගැනීමෙහි නැඹුරුය.කිරිබත්ගොඩව සමාන කර තිබෙන්නේ කැලිවින්ට හෝ ලූතර්ට නොව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටය.


'via Blog this'

1 comment:

Mahawattage said...

Jehovah Witnesses are not Christians. They do not believe in Trinity. To them Jesus is just an ordinary prophet like Islamic Muslims believe.

My Donations