Thursday, August 11, 2011

Facebook, Twitter ඇතුළු සියලූ සමාජ ජාලයන් වසා දමනවා – කැමරූන් | ලංකා සයිබර් නිවුස්

Facebook, Twitter ඇතුළු සියලූ සමාජ ජාලයන් වසා දමනවා – කැමරූන් | ලංකා සයිබර් නිවුස්

August 12, 2011 at 12:05 am | Lanka C News

Facebook, Twitter ඇතුළු සියලූ සමාජ ජාලයන් වසා දමනවා – කැමරූන්

ලන්ඩන් ‍කැරැල්ල තව තවත් දරුණු සහ සාහසික ආකාරයෙන් පැතිර යන්නේ නම් අන්තර්ජාල හරහා ක්‍රියාත්මක වන ෆේස්බුක් ඇතුළු සියළුම සමාජ ජාලයන් වසා දැමීමට තමන්ගේ රජය පසුබට නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යය වෙඩිඩ් කැමරූන් විසින් ප්‍රකාශ කර සිටින බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

“සියළුම සාහසික අපරාධ, අන්තර්ජාලය මුල්කරගනිමින් ක්‍රියාත්මක වන සමාජ ජාල හරහා මෙහෙයවන්නේ නම් ඒවා වහාම තහනම් කිරීමට පියවර ගත යුතුයි.” යනුවෙන් ලන්ඩනයේ ඇති වෙමින් පවතින ජනතා කැරැල්ල පාලනය කිරීම සඳහා ගතයුතු පියවරු කුමක්දැයි අධ්‍යනය කිරීම සඳහා පැවැති විශේෂ පාර්ලිමේන්තු විවාදය අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරූන් ඊයේ දින (11) පවසා සිටි බව එම විදෙස් වාර්තා වල සඳහන් වේ.

“යම් ලෙසකින් තත්ත්වය පාලනයකර ගත නොහැකි ලෙස තව තවත් දරුණු ආකාරයකින් වර්ධනය වූවහොත් අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන සමාජ ජාලයන් සියල්ලම වසා දැමීමට මාගේ රජය කිසි ලෙසකින්වත් පසුබට නො වේ.” යැයි ද ඔහු මෙහිදී පවසා ඇත.

“නිදහස් මත ප්‍රකාශ කිරීම සමාජයේ යහා පැවැත්ම මුල්කරගනිමින් ක්‍රියාත්මක වන්නක්. එහෙත් සමාජය විනාශකර දැමීම සඳහා නිදහස් අදහස් යනුවෙන් දෙයක් තිබිය හැකිද?” යනුවෙන් මෙහිදී ප්‍රශ්න කරමින් අසා ඇති ඔහු “මෙම අන්තර්ජාල සමාජ ජාලයන් මෙම සාහසික ක්‍රියාවන්ට කෙසේ උපකාරී වී ඇද්ද යන්න පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යනය කරමින් සිටිනවා.” යැයි සඳහන් කරමින් ඉදිරියේදී එම ජාලයන් බ්‍රිතාන්‍ය තුළ අවහිර කිරීමට ඔහුගේ රජයට ඇති උවමනාව පෙන්වා දෙමින් පවසා සිටි බව ඉහත විදෙස් වාර්තා වල සඳහන් වේ.

No comments:

My Donations