Tuesday, December 3, 2013

QUANTUS FLUOROMETER



Wednesday, November 27, 2013

Avonpc Subscription form for news


If you are willing to receive science related important news from Avon Pharmo Chem, Please subscribe. Thanks

* indicates required
I AM A

Saturday, August 3, 2013

බොන්නේ වස දියයි පූරුවෙ කළ පවට දුන්නේ කවුද මේ දුක රතුපස්‌වලට - from an email

බොන්නේ වස දියයි පූරුවෙ කළ පවට
දුන්නේ කවුද මේ දුක රතුපස්‌වලට 

මේ වතුරෙන් මූණ හේදුවොත් ඇස්‌ අන්ධ වෙනවා...
නාන්න, බොන්න බෑ...!

සියනෑකෝරළය ඇවිළුණේය. ගම්මාන දොළහක මිනිස්‌සු පාරට බැස උද්ඝෝෂණ කළහ. ගම්මු පාරට බැස තිබුණේ ප්‍රදේශයේ ජල සම්පත ආරක්‍ෂා කර දෙන්නැයි කියන්නටය. රතුපස්‌වල, නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්තශාලාවකින් පරිසරයට මුදාහරින විෂ රසායනික ද්‍රව්‍ය නිසා ප්‍රදේශයේ භූගත ජලයට ඇසිඩ් එකතු වී ඇති බව ප්‍රදේශවාසීහු කියති. ගැටලුව තරමක්‌ බරපතළය. ඇසිඩ් යනු වසය. එසේ නම් වස බී මිනිස්‌සු මැරෙන්නට පෙර මේ ජල ගැටලුව ගැන සොයා බලන්නට අපිදු එම ගම්මානවලට ගියෙමු.

ප්‍රදේශය පුරා ජල ටැංකිය. තැන තැන කතා බහ කරන්නෙත් වතුර ගැනය. මුළු ප්‍රදේශයම ගල් වැදුණු දෙබරයක්‌ වැනිය. අප එම ප්‍රදේශයට යන විටත් මහර ආසන සංවිධායක ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ම වැලිවේරිය සභාවේ පන්සලට රැස්‌ වී ජල ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කරමින් සිටියහ. ගම්වැසියෝ විශාල පිරිසක්‌ එතැන වූහ. අපි එතැනට යන විටත් ගම්මුන්ගේ ප්‍රශ්න පොදිය ඇමැතිවරයා ඉදිරියේ ලිහා අවසන්ය. කතා බහ තරමක්‌ ඝෝෂාකාරීය. අපි ද සවන් දී සිටියෙමු.

"සර්... මේ ප්‍රශ්නය අද ඊයේ ආපු එකක්‌ නෙමෙයි. මේ පැක්‌ටි්‍රය පටන් අරගෙන දැන් අවුරුදු පහළොවකටත් වැඩියි. මුලින්ම පැක්‌ටි්‍රයෙන් පිට කරන විෂ ද්‍රව්‍ය නිසා පහළ කුඹුරු කරන්න බැහැ කියලා මිනිස්‌සු පාරට බැස්‌සා. හිමින් සරේ ඒක යට යෑව්වා. ඊට පස්‌සේ විෂ දුම් පිට කරන එකට විරුද්ධව මිනිස්‌සු පාරට බැස්‌සා. ඒකත් යට ගියා. දැන් අපේ ගම්වල කිසිම ළිඳකින් වතුර බොන්න බැහැ. රජයේ රස පරීක්‍ෂකවරු ඇවිත් ජල සම්පල් ගෙනිහින් දැන් දවස්‌ ගානක්‌ වෙනවා තවම වාර්තා නැහැ. මීට ඉස්‌සරත් පැක්‌ටි්‍රයට විරුද්ධව මිනිස්‌සු පාරට බැහැපු අස්‌ථාවල මන්ත්‍රීවරු ඇවිත් බොරු කියලා ප්‍රශ්නය යට ගැහුවා. මේ පාර නම් එහෙම කරන්න දෙන්නෙ නැහැ. දැන දැනත් අපිට ඇසිඩ් බීලා මැරෙන්න බැහැ...

රැස්‌ව සිටි පිරිස මීයට පිම්බා සේය. එක්‌ කාන්තාවකගේ හඬ පමණක්‌ බණ මඩුව පුරා දෝංකාර දුන්නාය.

"අපි ළිඳෙන් වතුර ඇදගෙන බීපු මිනිස්‌සු. අපිට ඔය ක්‌ලෝරීන් වතුර බීලා පුරුදු නැහැ. ගම පුරා තියෙන ටැංකිවලට ගහන වතුරවලත් රොඩු. අනිත් එක ඒ වතුර කොහෙන් ගේනවාද කියලා අපි දන්නෙත් නැහැ."

"හරි... හරි... අපි මේ ප්‍රශ්නයට ඉක්‌මනට විසඳුමක්‌ හොයනවා. එතකම් ඔය ටැංකිවල වතුර බොන්න කෝ..."

ගම්වැසි කාන්තාවගේ දිගට ඇදෙන කතාවට බලහත්කාරයෙන් විරාමයක්‌ තැබූ ඇමැතිවරයා උණුසුම් ස්‌වභාවය මඟහරින්නට නිවුණු විසඳුමක්‌ දුන්නේය. ඇමැතිවරයාගේ විසඳුම ගැන සෑහීමකට පත් නොවූ ගම්මු උරණ වූහ. මිනිස්‌සු කියන්නේ කුමක්‌දැයි හරි හැටි තේරුම් ගැනීමට නොහැකි තරමට ඝෝෂාව වැඩි විය. එන පොට හොඳ නැති බව දැන් ගත් මැති ඇමැතිවරු එතැනින් හිමින් සෑරේ ලිස්‌සා සැප වාහනවලට නැඟ යන්න ගියහ.

සියනෑකෝරළය යනු ලංකාවේ පිරිසිදුම ජල සම්පතට උරුමකම් කියන ප්‍රදේශයකි. එහෙත් අද සියනෑවේ ගම්මාන දොළහක ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්‌ඩලය දැනුම් දී ඇත. එනම් නැදුන්ගමුව, රතුපස්‌වල, ඇඹරළුව, සිවුරළුමුල්ල, ඌරුවල, බුත්පිටිය, මාහරගම, පිළිකුත්තුව, කතුරුවත්ත, කිඹුල්ගොඩ, මල්වතුහිරිපිටිය, මාලිගාතැන්න සහ වැලිවේරිය යන ගම්මාන මේ ව්‍යසනයට මුහුණු පා සිටී.

ගම්මුන්ගේ ඝෝෂාව තරමක්‌ පහව ගිය විට ප්‍රදේශයේ දැවෙන ප්‍රශ්නය ගැන කරුණු කරණා විමසා බැලීමට අපි ගම්මු අතරට ගියෙමු.

"මම ඔය පැක්‌ටි්‍රයෙ අවුරුදු ගාණක්‌ වැඩ කරපු කෙනෙක්‌... මම හොඳට දන්නවා ඕක ඇතුළෙ වෙන දේවල්. ඒ දේවල් ගැන අහන්න ගිහින් තමයි අපිව ඕකෙන් එළියට දැම්මෙත්..."

පිරිස අතරින් එක්‌ තරුණයෙක්‌ පෙරට පැමිණ කතාවට එසේ මුල පිරුවේය. ඔහු චමින්ද විඡේසේකරය. දැන් අපි ඔහුගේ කතාවට සවන් දෙමු.

ඔය පැක්‌ටි්‍රයෙ නිෂ්පාදනය කරන්නේ රබර් අත් මේස්‌. නිෂ්පාදන කටයුතු සඳහා පවුඩර් එකක්‌

Thursday, June 20, 2013

Let Nethuki hear your voice of LOVE






ජීවිතයේ හඩ අසන්නට පුන්චි දොනිට උදව්වන්න ........

පුන්චි නෙතුකිගෙ කතාව......

මේ ඔබ දකින අවුරුදු දෙකක් වයසති පුන්චි දියනිය නමින් එච්.එම්.නෙතුකි අකින්සා දුම්මලසුරිය වතුවත්ත පදින්චි එච්.එම්.රසික සුදර්ශන හා එච්.ඒ.අනුශ්කා රසාන්ජලී දෙපලගෙ එකම දියනියයි.
උපතින්ම කන් නොඈසෙන , ඒ නිසා කතා කිරීමට නොහෑකි ඈයට කර්න සන්ක බද්ද සෑත්කමක් සිදුකල යුතු බව කොලම්බ ලමා රෝහලේ දොස්තර යසවර්දන මහතා විසින් නිර්දේශ කර තිබේ.(සායන නොම්බරය 647/13)මෙම සෑත්කම සදහා වන උපකරනය වෙනුවෙන් රුපියල් 3275000/=(තිස් දෙලක්ශ හෑත්තෑපන්දසක්) අතිවිශාල මුදලක් වෑය වේ.

පුන්චි නෙතුකිට ඈසීම ලබාදීමට වෙහෙසෙන ඈගේ දෙමාපියනට එම මුදල සොයා ගෑනීම ඉතා අපහසු බෑවින් එම මුදල එක් රෑස් කර ගෑනීම සදහා පින් සිත් ඈති දයාබර ඔබ සෑමගේ නොමසුරු ආදාරය බලාපොරොත්තු වේ. ...........ඡායාරූප හා වැඩි විස්තර සහිත සම්පූර්න ලිපිය කියවන්න - http://goo.gl/zMnrL

My Donations